
2025 වසරේ ලොව හොදම නගර 50 පිළිබද නවතම අධ්‍යනයක් සිදුකර තිබෙනවා.
Timeout සගරාව විසින් පලකර ඇති වාර්තාවක් අනුව 2025 වසරේ ලොව හොදම නගරය ලෙස නම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයයි.
එම ශ්‍රේණිගත කිරීමේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට 4වන ස්ථානයට හිමිව තිබීම විශේෂත්වයක්.

කාර්යබහුල මිනිසුන්ගේ ජීවන රටාවට යම් සහනයක් ලබා දෙන අන්දමේ නගර සඳහා මෙහිදි ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙනවා.
තවද එම නගරයන් හි ජාත්‍යන්තර මට්ටමේ කලාවන් සහ සංස්කෘතීන්, ඉතා රසවත් ආහාර, සිත් ඇදගන්නා රාත්‍රී විධී සංචාර වැනි සාධක ද මෙම සමීක්ෂණය සඳහා යොදාගෙන තිබෙනවා.

මෙහි මෙල්බන් නගරය නම් කර ඇත්තේ සංස්කෘතික නගරයක් ලෙසයි.
ප්‍රනීත ආහාර වලින් පිරි නගරයක් ලෙස මෙල්බන් නගරය සංචාරකයින් අතර වඩාත් ප්‍රසිද්ධයි.
මෙම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැන බැංකොක් නගරයට තුන්වන තැන නිව් යෝක් නගරයට ද හිමිව තිබෙනවා.
සිඩ්නි නගරයට එම ශ්‍රේණිගත කිරීමේ හිමිව ඇත්තේ 15 වන ස්තානය වන අතර පර්ත් නගරයට 33 වන ස්ථානයයි.