
විදුලිය විසන්ධි වූ විට ශීතකරණයේ ඇති ආහාර කොපමණ කාලයක් ආරක්ෂිත ද යන්න පිළිබද නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනබා.
ශීතකරණය ක්‍රියා විරහිත වූ විට ආහාරවල ආරක්ෂිතභාවය පිළිබදව අවධානය යොමුකර ඇති අතර පැය හතරකට වඩා වැඩි කාලයක් ශ්‍රීතකරණය ක්‍රියා විරහිත වන්නේ නම් එම ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු ඇති වන බවයි පෙන්වා දී ඇත්තේ.
සෙල්සියස් අංශක පහකට වැඩි උෂ්ණත්වයක් යටතේ පැය හතරකට වඩා වැඩි කාලයක් පිසූ ආහාර තැබීම සුදුසු නොවන බව සදහන්.

ආහාර සුරක්ෂිතතාව පිළිබද තොරතුරු කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ලිඩියා බුච්ට්මන් පවසන්නේ නිතර විදුලිය විසන්ධි වීම් අත්විඳින පුද්ගලයින් මස්, කුකුළු මස්, මුහුදු ආහාර සහ ඇතැම් පිසූ ආහාර ශීත කරණයේ තැබීම සුදුසු නොවන බවයි.
විදුලිය විසන්ධි වූ විට එම ආහාර විකල්ප ශීතකරණ එනම් අයිස් කුට්ටි සහිත ගබඩාවල තබන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

විදුලිය විසන්දී වූ විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 සිට 60 දක්වා වූ පරාසයක පැය දෙකකට ආසන්න කාලයක් මාංශමය හෝ පිසූ ආහාර තබා නොගන්නා ලෙස සදහන්.
මෙලෙස විදුලිය විසන්දි වූ විට ආහාර ගබඩා කර ඇති කාලය හෝ උෂ්ණත්වය පිළිබඳව විශ්වාස නොමැති නම් එම ආහාර පරිභෝජනයෙන් ඉවත් කිරීම වඩාත් සෞඛ්‍ය හිතකර තත්වයක් ලෙස සදහන් කර තිබෙනවා.
තවද ශීතකරණය හොඳින් මුද්‍රා තැබූ දොරක් පවතින්නේ නම්, විදූලිය විසන්ධි වීමක් අතරතුර දින එකහමාරක සිට දෙකහමාරක් දක්වා ආහාර ශීත කර තබා ගත හැකි බවද සදහන්.
විශේෂයෙන් හැම් බේකන් වැනි දෑ ශීතකරනයෙන් පිටත තැබිය නොහැකි අතර බටර්, චීස්, මාගරින් වැනි දෑ කාමර උෂ්ණත්වයේ තැබිය හැකි බවද එහි දක්වා තිබෙනවා.