
ඉදිරි ෆෙඩරල් මැතිවරණයට පෙර ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් සිය කැබිනට් මණ්ඩලයේ විශේෂ වෙනස්කම් කිහිපයම් සිදු කරන බවට නිවේදනය කර තිබෙනවා.
ඒ ලබන සතියේ දී NDIS අමාත්‍ය ධූරය සහ රාජ්‍ය සේවා අමාත්‍ය ධූරය දැරූ බිල් ෂෝර්ටන් ෆෙඩරල් පාර්ලිමේන්තුවෙන් ඉවත් වන බවට ප්‍රකාශ කිරීමත් සමඟයි.
ලබන සදුදා උදෑසන පැවැත්වීමට නියමිත දිවුරුම් දීමේ උත්සවකින් පසුව මෙම වෙනස්කම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා විසින් සදහන් කර ඇත්තේ.

ඒ අනුව දැනට සමාජ සේවා අමාත්‍ය ධූරය හොබවන ඇමැන්ඩා රිෂ්වර්ත් NIDS අමාත්‍ය ධූරය ද පවරා දීමට නියමිතයි.
දැනට මුදල් අමාත්‍ය ධූරයේ රාජකාරී කටයුතු සිදු කරන Katy Gallagher ට රාජ්‍ය සේවා අමාත්‍ය ධූරයේ වගකීම් ද ඉදිරියේදී පැවරෙනු ඇති.

මේ අතර ජාතික ආබාධිත රක්ෂණ යෝජනා ක්‍රමයට සහය ලබා දීම සදහා
යෞවන කටයුතු අමාත්‍ය (Youth Minister) Anne Aly වෙත වගකීම් පවරා තිබෙන බව ද වාර්තා වනවා.
මෙම අමාත්‍යවරුන්ට දැනට දරන අමාත්‍යංශවලට පරිභාහිරව නව තනතුරුවල ද වගකීම් දැරීමට සිදු වන බව ද වැඩිදුරටත් සදහන්.