Search

බාලි ගිය මෙල්බන් තරුණියට අත් වූ අවාසනාවන්ත ඉරණම

මෙල්බන් කාන්තාවක් බාලිහිදී මිය ගොස් ඇති බව විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව (DFAT) තහවුරු කර තිබෙනවා.

කෝට්නි මිල්ස් නැමති DJ වෘත්තිය වෙනුවෙන් වඩාත් ප්‍රසිද්ධ තරුණියක් මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

37 හැවිරිදි කෝට්නි මිල්ස් ඇය නැවති සිටි හෝටලයේ බැල්කනියෙන් ඇද වැටීමෙන් පසුගිය ඉරිදා මිය ගොස් තිබුණා.

කෝට්නි මිල්ස්ගේ පවුලේ අය පැවසුවේ 37 හැවිරිදි ඇය සිකුරාදා බාලි හහෝටල් බැල්කනියකින් වැටී ඇති බවත් බරපතල තුවාල ලැබූ ඇය රෝහල් ගත කිරීමෙන් පසු පසුගිය ඉරිදා මියගොස් ඇති බවයි.

මරණයට හේතුව මෙතෙක් තහවුරු කිරීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වි තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී මිල්ස්ගේ මව සහ ඇගේ සහෝදරිය ද එම ස්ථානයේ සිට තිබෙනවා.

කෙසේ වෙතත් හෝටල් කාර්ය මණ්ඩලය පැවසුවේ මිල්ස් එදින මත්පැන් පානය කර ඇති බවත් සේවකයින් පිරිසක් මධ්‍යම රාත්‍රියේ ඇයව ඇගේ කාමරයට ගෙනවිත් ඇරලු බවයි.

ඉන් පැයකට පමණ පසු ඇය හෝටලයේ තටාකය අසල වැටී සිටියදී සොයා ගත් බව හෝටල් කාර්ය මණ්ඩලය පැවසුවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »