Search

වැරදුන තොරතුර නිසා මෙල්බන් හි කාන්තාවක් නිවසේ දීම මියයයි

මෙල්බන් හි බටහිර ප්‍රදේශයේ නිවසකට අද අලුයම සිදුකළ ගිනි තැබීමකින් 27 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙය වැරදි තොරතුරක් මත සිදුවූ ඛේදවාචකයක් බවයි.

ගින්න හටගැනීමත් ඇය නිවස තුළ සිරව සිටියදී හදිසි සේවා අංශ වෙත මේ පිළිබද දැනුම් දී ඇති බව සදහන්.

කෙසේ වෙතත් ඒ වන විට ගින්න වේගයෙන් ව්‍යාප්තව ඇති බැවින් කාන්තාවට දිවි ගලවා ගැනීමටත් පෙර මියයෑමට සිදුව තිබුණා.

පුද්ගලයින් දෙදෙනෙක් විසින් ගිනි තැබීමට අදාල පුපුරන ද්‍රව්‍ය සහ අවශ්‍ය දෑ රැගෙනවිත් ඉතා සූක්ෂම ලෙස මෙම අනතුර සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් දෙදෙනා වාහනයකින් බැස එන ආකාරය CCTV දත්ත මගින් හදුනාගෙන තිබෙනවා.

මියගිය තරුණියගේ අසල්වැසියන් සදහන් කලේ එම තරුණිය ඉතාමත් සාමාන්‍ය නිහඩ චරිතයක් බවත් ඇයව ඝාතනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

වික්ටෝරියා රහස් පොලීසිය පවසන්නේ මෙය වැරදි තොරතුරක් මත සිදුකළ ඝාතනයක් බවයි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ ලර ඇති අතර පොලීසිය අවට වැසියන්ගෙන් මේ සදහා සහය ඉල්ලා තිබෙනවා.

සැකකරුවන්ට අදාළ යම් CCTV දර්ශන ඇතොත් එවා පොලීසිය වෙත භාර දෙන ලෙසයි

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »