
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතිකය සුළු වශයෙන් ඉහල ගොස් තිබෙනවා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතිකය දෙසැම්බර් මස සටහන්ව ඇත්තේ සියයට 4.0ක් ලෙසයි.
මෙය සුලු වැඩිවීමක් වන අතර පසුගිය නොවැම්බර් මසට සාපේක්ෂව රැකියා විරහිත අනුපාතය පසුගිය මාසයේ සියයකට 0.1 ක වැඩිවීමක් බව සදහන්.

කෙසේ වෙතත් සංචිත බැංකු ප්‍රධානීන් ලබන මාස රැස්වීමට නියමිත අතර බොහෝ දෙනෙක් Cash rate
අගය තවදුරටත් පහත වැටෙනු ඇතැයි බලාපොරොත්තු වනවා.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය අද නිකුත් කල නවතම දත්ත වලට අනුවයි පසුගිය මාසයේ රැකියා විරහිත අනුපාතය සියයකට 0.1 කින් ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී ඇත්තේ.

දෙසැම්බර් මස තවත් පුද්ගලයින් 56000 ක් ශ්‍රම බලකායට එක් වුවද ඊට සාපේක්ෂව රැකියා විරහිත සංඛ්‍යාව 10000 කින් වැඩිව ඇති බව සදහන්.
රැකියා නියුක්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2024 දෙසැම්බර් මාසයේදී සියයට 0.4 කින් වර්ධනය වූවත් රැකියා විරහිත අනුපාතය සුලු වශයෙන් ඉහළ ගොස් තිබීමද විශේෂත්වයක්.