Search

ඔස්ට්‍රේලියාවේ දී කතෝලික පූජකවරය ලබන ශ්‍රී ලාංකික තේවාචාර්යතුමන්

කතෝලික පියතුමකු ලෙස පූජක වරම් ලබන තෙවාචාර්ය අශාන් පීරිස් සහෝදරතුමන් තේවාචාර්ය තුමෙකු ලෙස දැනට හෝබාර්ට් හි Mersey-Leven දේවස්ථානයේ සේවය කරන අශාන් පීරිස් සහෝදරතුමන් ලබන මස පුජකවරය ලබාගැනීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලාංකේය සහෝදර සහෝදරතුමෙකු වන ඔහු ලබන පෙබරවාරි 14 වන දින සවස 7ට හොබාර්ට් හි ශාන්ත මරියා ආසන දෙව්මැදුරේදී පියතුමකු ලෙස එක්වීමට නියමිතයි.

මෙම අවස්ථාව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව ලද මහත් භාග්‍යයක් ලෙසයි සැළකෙන්නේ.

විදේශ රටකදී ශ්‍රී ලාංකිකයෙකු මෙලෙස පුජකවරය ලැබීම සුවිශේෂි අවස්ථාවක් වනවා.

අශාන් පීරිස් සහෝදර තුමන් කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වන අතර දෙවියන් කෙරේ වූ අසීමිත විශ්වාසය මත ඔහු පැවදි ජීවිතයක් සදහා සුදුසුකම් ලැබුවා.

පුජකවරය ලැබීමෙන් පසු උන්වහන්සේගේ ප්‍රථම දිව්‍ය පූජාව පෙබරවාරි 15 වනදා උදෑසන 9.30 ට එම දේවස්ථානයේදී පැවැත්වීමය නියමිත අතර ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාවටත් ඒ සදහා සහභාගි වන ලෙසයි දැනුම් දී ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »