Search

NSW ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණය නිසා පවුල් ලක්ෂයකට පීඩා

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ එක් අයෙක් මියගොස් තිබෙනවා.

මිලිමීටර් 100 ඉක්මවු තද වැසි සහ සුළිකුනාටු හේතුවෙන් ගස් කඩා වැටී ප්‍රාන්තයේ ප්‍රාදේශ රැසකට මේ වන විදුලිය විසන්දි වී ඇති අතර විදුලිය නොමැති වීමෙන්
පවුල් 143000ක් මේ වන විට පිඩාවට පත්ව තිබුණා.

CBD සිට කිලෝමීටර් 100 ක් ඇතුළත ඊයේ දින අකුණු ගැසීම් 73,700 සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වර්ෂාවත් සමග ඇතැම් ප්‍රදේශ වලට හිමි කැටද පතිත වී තිබෙනවා.

තවද අද දින සිඩ්නි නගරයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළ කරනවා.

ප්‍රදේශයේ පවතින අධික වර්ෂාපතනය, හදිසි ගංවතුර, හිම කැට සහ හානිදායක සුළං අද පස්වරුවේ දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙවා.

විශේෂයෙන් අද මුහුද ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් ප්‍රවේශම් වන ලෙසයි ජනතාවට වැඩිදුරටත් දන්වා ඇත්තේ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »