
ඔස්ට්‍රේලියාවේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමේ අරමුණින් Caring Dads ලෙස නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
මූලික අදියර යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ පියවරුන් සඳහා මෙම ව්‍යාප්තිය ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අරමුදල් රැස්කිරීම ද ආරම්භ කර ඇති බව සඳහන්.
සීමිත කාලයක් තුළ පාඨමාලාවක් ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන අතර ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සමාජයෙන් තුරන් කිරීම මෙහි අරමුණයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යෑමත් සමග මෙම ව්‍යාප්තිය ආරම්භ කිරීමට බලධාරීන්ගේ අවදානය යොමු වුණා.
විශේෂයෙන් දරුවන් සහ කාන්තාවන් දිගින් දිගයට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක්වීමත් සමග ඔවුන්ට සිදුවන මානසීක හා ශාරීරික පීඩනය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ දී පමණක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 93237
Caring Dads ව්‍යාපෘතිය යටතේ පුරුෂයින්ගේ ආවේග පාලනය කිරීම සහ පවුලේ සමගිය වැඩිදියුණු කිරීම සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීමට නියමිත අතර ඉදිරියේ දී සමස්ථ ඔස්ට්‍රේලියාව පුරා මෙම වැඩසටහන් දියත් කිරීමට නියමිතයි.