
ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් Protection Visa (subclass 866) සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව Protection Visa ලබා ගැනීම සදහා සහය ලබා දෙන බව පවසමින් මූල්‍ය වංචාවන් සිදු කරන නියෝජිතයන් පිළිබදව සැලකිලිමත්ව කටයුතු කරන ලෙසටයි බලධාරීන් විසින් උපදෙස් ලබා දී ඇත්තේ.
මෙවැනි වංචාකරුවන් බොහෝ දුරට සමාජ මාධ්‍ය ජාලා සහ Online Chat Groups භාවිතා කරමින් තම සේවාවන් ප්‍රවර්ධනය කරන බවයි හදුනාගෙන ඇත්තේ.

ඔවුන් Protection Visa අයදුම් කරන පුද්ගලයන්ට වැරදි සහ නොමග යවන සුළු තොරතුරු ලබා දෙන බව ද සදහන්.
ඒ සදහා වීසා අයදුම්කරුවන්ගෙන් විශාල මුදලක් ද වංචාකරුවන් විසින් අය කරන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් අවධාරණය කර ඇත්තේ Protection Visa අයදුම් කිරීමේ දී විශේෂඥයෙකුගෙන් හෝ සංක්‍රමණ නීති වේදියෙකුගෙන් පමණක් අවශ්‍ය නීති උපදෙස් ලබා ගත යුතු බවයි.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීම හරහා ලබා ගැනීමට හැකියාව පවතින බව ද එහි වැඩිදුරටත් සදහන්.