Search

වික්ටෝරියා නිවාස රැසක් නාය යැමේ තර්ජනයක

වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි නිවාස කිහිපයක් නාය යෑමේ තර්ජනයකට ලක්ව තිබෙනවා.

මෙලෙස නාය යෑමේ තර්ජනයට ගොදුරු වී ඇත්තේ මෝනිංටන් අර්ධද්වීපයේ පිහිටි නිවාස කිහිපයක් බවයි දැක්වෙන්නේ.

ඉකුත් දා McCrae හි පිහිටි නිවසක් නාය යෑමකට ලක්ව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්ත හදිසි සේවාව විසින් හදුනාගෙන ඇත්තේ නිවැසියන් ඉවත් කර ඇති නිවාස 7 ක් සහ නිවාඩු නිකේතන කිහිපයක් තවමත් නාය යෑමේ තර්ජනයට ගොදුරු වී ඇති බවයි.

මීට පෙර ද මෙම ප්‍රදේශය තුළ සුළු නාය යෑමේ තත්වයන් ඇතිවී තිබෙන නමුත් ඉකුත් දා සිදුවූ සිදුවීම ඊට හාත්පසින්ම වෙනස් වන බවයි ප්‍රාන්ත හදිසි සේවාව විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් බලධාරීන් විසින් අදාළ තක්සේරු කිරීම් මේ වනවිට සිදු කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ආරක්ෂිත තත්වයන් සැළකිල්ලට ගෙන නිවාසවලින් ඉවත්වන ලෙස දැනුම් දුන් පදිංචිකරුවන්ට නැවත තම නිවෙස් වෙත යාමට සතියකට වඩා වැඩි කාලයක් ගත වනු ඇති බව ද වැඩිදුරටත් සදහන්.