Search

මෙල්බන් අධ්‍යාපන වියදම් ගැන අලුත්ම දත්ත වාර්තාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් හි අධ්‍යාපනික වියදම් සම්බන්ධ දත්ත වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

මෙම දත්ත වාර්තාව නිකුත් කර ඇත්තේ Futurity Education විසින් වීම ද විශේෂත්වයක්.

ඒ අනුව 2025 වසර සදහා මෙල්බන් හි රජයේ පාසලකට ඇතුලත් වන දරුවෙකුට වසර 13 ක අධ්‍යාපන කටයුතු අවසන් කිරීම සදහා ඩොලර් 114,126 ක මුදලක් වැය වනු ඇති බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

කෙසේ වෙතත් ස්වාධීන අධ්‍යාපන කටයුතු සදහා මෙල්බන් නගරයේ දී ඩොලර් 388,618 ක මුදලක් වැය කිරීමට සිදු වනවා.

පසුගිය වසරට සාපේක්ෂව එම වියදම 20% කින් ඉහළ ගොස් තිබෙන බවයි එම දත්ත වාර්තා ඔස්සේ අනාවරණය වී ඇත්තේ.

නමුත් සිඩ්නි නගරයට සාපේක්ෂව එම වියදම ඩොලර් 30,000 කට වඩා අඩු අගයක් ගැනීම ද කැපී පෙනෙනවා.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »