
Depression රෝගී තත්වය සම්බන්ධව ලොව විශාලතම ජානමය අධ්‍යයනය සිදු කර තිබෙනවා.
ඒ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සහ ක්වීන්ස්ලන්ඩ් වෛද්‍ය පර්යේෂණ ආයතනය (QIMR) විසින් බවයි දැක්වෙන්නේ.
මෙහිදී Depression රෝගී තත්වයෙන් පෙළෙන පුද්ගලයින් 680,000 කගේ පමණ ජානමය දත්ත විශ්ලේෂණය කර තිබෙනවා.

මෙම රෝගී තත්වයට සම්බන්ධ වන ජානමය ප්‍රභේද 697 ක් පමණ ඔවුන් සොයා ගෙන තිබීම ද විශේෂත්වයක්.
Depression තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පීඩාවට පත්ව තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම අධ්‍යයනය හරහා ඉදිරියේ දී නව ප්‍රතිකාර ක්‍රමයක් හදුන්වා දෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.