Search

ඔස්ට්‍රේලියානු $ අගය අද යළිත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (15) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

එහිදී ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 187 යි ශත 34 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 177 යි ශත 96 ක් ලෙසයි.

අද දිනයේ දී අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 299යි ශත 28 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 290 යි ශත 74ක් වනවා.

ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 186 ක් වු අතර මේ වන විට සුළු ඉහළ යැමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 310.06 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 297.76 ක් ලෙසයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »