Search

අද සිට Coles වෙළෙඳසැල් හි පිහි අළෙවිය තහනම්

ඔස්ට්‍රේලියා සුපිරි වෙළෙඳසැලක් පිහි අළෙවිය නවතා දමා තිබෙනවා.

13 හැවිරිදි පිරිමි ළමයෙකු විසින් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පිහියෙන් ඇනීමෙන් පසු රට පුරා පිහිටි Coles වෙළදසැල් හි  මුළුතැන්ගෙයි භාවිතයට ගන්නා පිහි විකිණීම නවතා දමා තිබෙනවා.

63 හැවිරිදි කෝල්ස් සේවකයාට පසුගිය සඳුදා සවස 5.25 ට පමණ Ipswich හි පිහිටි සාප්පු මධ්‍යස්ථානයකදී මෙලෙස පිහියෙන් ඇන තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින් කෝල්ස් වෙළදසැල අද  කියා සිටියේ සියලුම වෙළඳසැල්වල මුළුතැන්ගෙයි භාවිතයට ගන්නා පිහි අලෙවිය නතර කරන බවයි.

දැනටමත් අලෙවිය සදහා යොදවා තිබූ පිහි කෝල්ස් වෙළඳසැල් වලින් ඉවත් වී ඇති අතර, ප්‍රදර්ශනයට පවා පිහි තැබීම නවතා ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු සිල්ලර වෙළෙඳ සංගමය (ARA) පවසන්නේ පසුගිය වසර තුළ ජාතික වශයෙන් වෙළෙඳසැල් කාර්ය මණ්ඩලයට බලපාන සිල්ලර අපරාධ සිදුවීම් 700,000ක් පමණ වාර්තා වූ බවයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »