
ඔස්ට්‍රේලියා රජය විසින් ජාත්‍යන්තර මැදිහත් වීම් වලින් තවදුරටත් ස්වාධීනව සිටීම සදහා නව වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
විදේශ බලපෑම් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ ජාතික අවශ්‍යතාවලට විශාල තර්ජනයක් එල්ල කරන වන අතර එම තත්වය පාලනය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ආරම්භ කර තිබුණා.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත්කල නිවේදනයකට අනුව විදේශ මැදිහත්වීමෙන් තොරව ස්වාධීන වීමට ශක්තිමත් නෛතික රාමුවක් පැවතිය යුතු බවයි අවදාරණය කර ඇත්තේ.

විදේශීය මැදිහත්වීම් සහ ඔත්තු බැලීම් වැනි ජාත්‍යන්තර මැදිහත්වීම් වලිම් ස්වාධීන වීමේ අරමුණින් ඒ සදහා නව ඒකක කිහිපයක් පත් කිරීමට පියවර ගෙන තිබුණා.
විදේශීය මැදිහත්වීමේ තර්ජනය කළමනාකරණය කිරීම සදහා පාර්ශව රැසකයේ එකමුතුවක් අවශ්‍ය බවද එහි දැනුවා තිබෙනවා.

ඒ සදහා ඔස්ට්රේලියානු රජයේ සියලු මට්ටම්, බුද්ධි අංශ සහ පොලිස් බලකායන් සමඟ කටයුතු කිරීම අනිවාර්ය බව සදහන්.
මේ සදහා සුරක්ෂිත ඔස්ට්රේලියාවක් කරා වැඩ කිරීම යන මැයෙන් ප්‍රඥප්තියක් ද එළිදක්වා තිබෙනවා.
තවද මෙම අභියෝග අවබෝධ කර ගැනීම සහ ඒවාට විසඳුම් ලබා දීම, වඩාත් සුරක්ෂිත ඔස්ට්‍රේලියාවක් සහතික කිරීම සඳහා අපට ජාතික විදේශීය මැදිහත්වීම් සම්බන්ධීකාරක එකකයක් පිහිටුවීමට ද කටයුතු කර තිබීම විශේෂත්වයක්.