Search

සිඩ්නි දුම්රිය සේවා රැසක් අද කාර්යබහුල වේලාවන් හි අවලංගු වෙයි

සිඩ්නි දුම්රිය සේවාව තුළ මේ වනවිට ගැටළු රැසක් උද්ගත වී තිබෙනවා.

අද (15) උදෑසන කාලයේ දී පමණක් සිඩ්නි දුම්රිය සේවාවන්ගෙන් 80% ක් පමණ අවලංගු කර තිබෙන බවට වාර්තා වනවා.

එමෙන්ම අද දිනයේ දී සිඩ්නි නගරය තුළ ක්‍රියාත්මක වූ දුම්රිය සේවාවන්ගේ ද විශාල ප්‍රමාදයන් සිදුවී තිබෙන බවයි පැවසෙන්නේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සහ දුම්රිය, ට්‍රෑම් රථ සහ බස් සංගමය (RTBU) අතර පවතින වැටුප් විෂමතා ගැටළුව මේ සදහා හේතු වී තිබෙනවා.

වසර 4 ක් තුළ සිය වැටුප් 32% කින් වැඩි කරන ලෙසයි ඔවුන් ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටින්නේ.

මේ හේතුවෙන් සිකුරාදා දිනය දක්වා සිඩ්නි හි දුම්රිය සේවාවන් සදහා විශාල බලපෑමක් එල්ල විය හැකියි.

කෙසේ වෙතත් උද්ගත වී ඇති තත්වය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.