Search

මෙල්බන් හි කුලී නිවාස මිල ගැන සතුටු හිතෙන වාර්තාවක් අද

2024 වසරේ අවසන් කාර්තුවේ කුලී නිවාස මිල අගය වාර්තාගත ලෙස පහත වැටුනු ප්‍රධාන නගරය ලෙස මෙල්බන් නම් කර තිබෙනවා.

ඒ අනුව අවසන් කාර්තුවේදී කුලී නිවාස මිලෙහි විශාලතම අඩුවීම එය වන අතර එම පහත වැටීම සියයට 0.5 ක් ලෙස සදහන්.

මෙල්බන් හි  මධ්‍යය නිවසක් සදහා සතියක කුලිය ඩොලර් 633 ක් වන අතර, සාමාන්‍ය මහල් නිවාසයක් සඳහා සතියක කුලිය ඩොලර් 556 ක් වීම විශේෂත්වයක්.

CoreLogic විසින් අද නිකුත් කරන ලද ත්‍රෛමාසික කුලී සමාලෝචන වාර්තා අනුව ඔස්ට්‍රේලියාවේ මිල අධිකම කුලී නිවාස පිහිටි නගරය ලෙස නම් කර ඇත්තේ සිඩ්නි නගරයයි.

කුලී නිවසක් සඳහා සිඩ්නි හි සාමාන්‍ය කුලිය සතියකට ඩොලර් 811 ක් වන අතර සාමාන්‍ය නිවාස ඒකකයක් සදහා සතියකට ඩොලර් 710ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බව සදහන්.

පර්ත් නගරය කුලී නිවාස සදහා දෙවන මිල අධිකම නගරය බවට පත් ව ඇති අතර සතිපතා කුලී නිවාස වටිනාකම ඩොලර් 695ක්.

මෙල්බන් වලට සාපේක්ෂව හෝබාර්ට් හී ද කුලී නිවාස මිල සුලු වශයෙන් පහළ අගයක් ගන්නා අතර සතියක මධ්‍ය නිවසක මිල ඩොලර් 554 ත්  600ත් අතර අගයක් ගැණුනා.