Search

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනපති යූන් සුක් යෙයොල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පසුගිය දෙසැම්බර් මාසයේදී යුද නීතිය පැනවීම, රට තුළ කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ කිරීම යන චෝදනා මතයි.

දකුණු කොරියානු දූෂණ විරෝධී ඒජන්සිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම මස මුලදී ඔහු අත්අඩංගුවට ගැනීමට ගත් පළමු උත්සහය අසාර්ථක වූ බව සඳහන්.

ජනපති යූන් සුක් යෙයොල් සිය ධුරයෙන් ඉවත් කිරීම සඳහා ගොනු කර තිබූ නඩු ඊයේ (14) කැඳවා තිබූ අතර එහිදී ඔහුට එරෙහිවප නිකුත් කර තිබූ වරෙන්තුව දීර්ඝ කිරීමටයි පියවර ගෙන තිබුණේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.

ධුර කාලයේදී අත්අඩංගුවට පත් වූ ප්‍රථම දකුණු කොරියානු ජනාධිපතිවරයා‌ ලෙසයි, යූන් සුක් යෙයොල් සැලකෙන්නේ.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »