
ඔස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ දුරකතන වලින් delete කිරීමට අවශ්‍ය සමාජ මාධ්‍ය යෙදුම් පිළිබද හෙළිදරව්වක් කර තිබෙනවා.
ඒ අනුව smart දුරකතන හිමි බොහෝ දෙනෙක් ඔවුන්ගේ දුරකතන වලින් ඇතැම් සමාජ මාධ්‍ය යෙදුම් මකා දැමීමට පියවර ගෙන ඇති ආකාරය අනුවයි මෙම නම් කිරීම සිදු කර ඇත්තේ.
Mobile Federation විසින් මෙම අධ්‍යන සිදු කර ඇති අතර මෙහි දී ඔස්ට්‍රේලියානුවන් වඩාත් මකා දැමීමට පෙළඹෙන සමාජ මාධ්‍ය යෙදවුම ලෙස නම් කර ඇත්තේ Face Book සමාජ මාධ්‍යයයි.

2024 වසරේ ඔස්ට්‍රේලියාවේ මිලියන 16.65ක facebook පරිශීලකයින් සිට ඇති අතර මාසිකව Facebook app 12492ක සාමාන්‍ය අගයක් මකා දමා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැනට නම් කර ඇත්තේ Instagram සමාජ මාධ්‍ය වන අතර පසුගිය වසරේදී Instagram යෙදවුම් 11600ක සාමාන්‍යයක් මසක් තුළ මකා දමා ඇති බව අනාවරණය වනවා.

Snapchat සමාජ මාධ්‍ය යෙදුම ඔස්ට්‍රේලියානුවන් තෙවනුවට වැඩි වශයෙන් delete කරනු ලබන යෙදවුම ලෙස නම් කර ඇති අතර මාසිකව delete කරන යෙදවුම් ගණන 7352ක් බව සදහන්.
තවද Telegram භාවිත කරන ඔස්ට්‍රේලියානුවන්ගෙන් මාසිකව 5403ක සාමාන්‍ය අගයක් එම යෙදුම delete කරන බවයි වාර්තා වන්නේ.
එම ශ්‍රේණිගත කිරීමේ 5වන තැනට නම් කර ඇත්තේ Google application ය වීම ද විශේෂත්වයක් වන අතර මාසිකව එම යෙදුම් 2693ක් ඔස්ට්‍රේලියානුවන් මකා දමනු ඇති.