Search

කේට් කුමරියගේ පිළිකා තත්වය ගැන අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කෙරේ

වේල්ස් හි කුමරිය වන කේට් මිඩ්ල්ටන් හට වැළදි ඇති පිළිකා තත්වය සුව අතට හැරෙමින් පවතින බව අද නිවේදනය කර තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේ දී ඇය තමා පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බවට නිවේදනය කළා.

මෙම වසර මුලදී ඇය ප්‍රතිකාර ලැබූ රාජකීය මාර්ස්ඩන් රෝහල විසින් ඇගේ පිළිකා තත්වය සමනය වී ඇති බව නිවේදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍ය සිංහාසනයේ උරුම කරු වන විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඒ පිළිබඳ සදහන් කළා.

42 හැවිරිදි කේට් කුමරිය එම දුෂ්කර අවස්ථාවේ දී

ඇයට සහ ඇගේ පවුලේ පිරිස් සදහා උපකාර කල සියලු දෙනාට ස්තුති වන්ත වී තිබීමද විශේෂත්වයක්.

ඇයගේ කෙන්සිංටන් මාලිග කාර්යාලය සමඟින් ඇය ක්‍රමයෙන් මහජනතාව හා සම්බන්ධ කටයුතුවලට නැවත වරක් පැමිණෙන බව ද තහවුරු කර තිබෙනවා.

රෝගියෙකු ලෙස තමාගත කළ කාලය පුරාවටම ඇයට ලැබුණු සැලකිල්ල සහ උපදෙස් සම්බන්ධයෙන් ද ඇය එහි දි සියලු පාර්ශවයන්ට ස්තුති වන්ත වුණා.

ඇගේ අසනීප තත්වයන් හේතුවෙන් කාලයක සිට ජනතාවගෙන් දුරස්ව කටයුතු කළ අතර ඇය යළිත් ජනතාව අතරට පැමිණෙන බවට නිවෙදනය කිරීමත් සමග බොහෝ දෙනා සතුට පල කර තිබීමද විශේෂත්වයක්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »