
ආදරවන්තයින්ගේ දිනය (Valentine’s Day) සැමරීම වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තය තුළ පැවැත්වෙන විශේෂ අවස්ථා සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
එම දැනුම් දීම සිදු කර ඇත්තේ Visit Melbourne වෙබ් අඩවිය විසින් වීම ද විශේෂත්වයක්.
එදින Mount Dondenong හීදී පැවැත්වෙන SkyHigh Valentine Day Dinner සදහා වික්ටෝරියා වැසියන්ට සහභාගී විය හැකියි.

මේ අතර Yarra Glen හීදී පැවැත්වෙන Valentine’s Day Dinner සදහා ද ඔවුන්ට සම්බන්ධ වීමට අවකාශය පවතිනවා.
ආදරවන්තයින්ගේ දිනයට සමගාමීව මෙල්බන් නගරයේ The French Brasserie හීදී Celebrate Love This Valentine’s Day (Dinner) පැවැත්වෙන බවයි දැක්වෙන්නේ.

මීට අමතරව එදිනට විශේෂ රාත්‍රී ආහාර වේලක් ලබා ගැනීම සදහා Colburg, Fitzroy North, Pentridge, Southbank සහ Keilor ඇතුලු කලාප රැසක හෝටල් රැසක වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.