
ඔස්ට්‍රේලියානුවන් අතර විශේෂ අවධානයක් දිනා ගෙන තිබෙන ඔස්ට්‍රේලියා දිනයේ දී (ජනවාරි 26) රටේ ප්‍රධාන නගරවල කාලගුණික තත්වය සම්බන්ධයෙන් පුරෝකතනයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව එදින වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් නගරය වෙත හොද කාලගුණික තත්වයක් පැවතිය හැකි බවටයි අනුමාන කෙරෙන්නේ.
කෙසේ වෙතත් දිවා කාලයේ දී උෂ්ණත්වය සෙල්සියස් අංශය 21 ක් දක්වා ඉහළ යා හැකියි.

එදින මෙල්බන් වෙත වර්ෂාව ඇද හැලීමේ සම්භාවිතාවය ඉතා අඩු මට්ටමක පවතින බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
ජනවාරි 26 වනදා සිඩ්නි නගරය වෙත උදෑසන කාලයේ දී සෙල්සියස් අංශක 19 ක උෂ්ණත්වයක් පැවතිය හැකි බවත් දිවා කාලය වනවිට සිඩ්නි හි උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ක් දක්වා ඉහළ යා හැකි බව ද සදහන්.

මේ අතර ඔස්ට්‍රේලියා දිනයේ දී බ්‍රිස්බන් වෙත තරමක උණුසුම් කාලගුණයක් අපේක්ෂා කෙරෙන අතර දහවල් කාලයේ දී බ්‍රිස්බන් වැසියන්ට සෙල්සියස් අංශක 31 ක උපරිම උෂ්ණත්වයක් අත් විදීමට සිදු විය හැකි බවටයි පෙන්වා දෙන්නේ.
එදින ඇඩිලේඩ් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 ක් දක්වා ඉහළ යා හැකි බවත් ඔස්ට්‍රේලියාවේ ජාතික අගනුවර වන කැන්බරා හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 ක් දක්වා ඉහළ යා හැකි බවටයි සදහන් වන්නේ.
කෙසේ වෙතත් ජනවාරි 26 වනදා උදෑසන කාලයේ දී පර්ත් වෙත මද වැසි තත්වයක් ඇති විය හැකි අතර ඩර්වින් වෙත ද දවස පුරා වැසි ඇති වීමේ තත්වයක් වැඩි දුරටත් අපේක්ෂා කළ හැකියි.