
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණය සදහා මැදිහත් නොවන ලෙසට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ නිර්මාතෲ ඊලෝන් මස්ක් ට අනතුරු අඟවා තිබෙනවා.
ඊලෝන් මස්ක් විසින් විසින් ජාත්‍යන්තර මැතිවරණ කෙරෙහි මූලික අවධානයක් යොමු කිරීම සම්බන්ධයෙන් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් අතරතුර මාධ්‍ය විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසීමක් සිදු කර තිබෙන බවයි පැවසෙන්නේ.
ඔස්ට්‍රේලියාව තුළ විදේශ මැදිහත්වීම් නීති (Foreign Interference Laws) පවතින බවත් ඔස්ට්‍රේලියානු මැතිවරණය ඔස්ට්‍රේලියානුවන්ට අදාළ කරුණක් වන බවයි ඊට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් අවධාරණය කර ඇත්තේ.

විදේශගත පුද්ගලයන්ට ඒ සදහා සම්බන්ධ වීමට අවශ්‍ය වුවමනාව පිළිබදව විචාර ඉදිරිපත් කිරීමට තමන් අදහස් නොකරන බවයි අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සෑම කෙනෙකුටම අදහස් සහ දෘෂ්ඨිකෝණයන් පවතින බවයි ඇන්තනී ඇබනීස් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර ලොව පුරා සාම්ප්‍රදායික දේශපාලඥයින් ප්‍රවර්ධනය කිරීම සදහා ඊලෝන් මස්ක් තම මුදල් යොදා ගන්නා බවයි විචාරක මතය වී ඇත්තේ.