Search

පාසැල් අධ්‍යාපනය ලබන්න වික්ටෝරියා තෝරගන්න හේතුව මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තය තුළ පවතින පාසල් පද්ධතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාවගේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ඒ ප්‍රාන්ත පාසල් පද්ධතිය තුළ පවතින ගුණාත්මක භාවය හේතුවෙන් බවයි පැවසෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්ත වෙබ් අඩවිය විසින් පෙන්වා දී ඇත්තේ සෑම වසරකම අධ්‍යාපන කටයුතු සදහා ලොව පුරා සිසුන් 170,000 ක් පමණ ප්‍රාන්තය වෙත පැමිණෙන බවයි.

එමෙන්ම වික්ටෝරියා අධ්‍යාපන සහතිකය (VCE) වෙත ද ගෝලීය වශයෙන් විශේෂ පිළිගැනීමක් හිමි වනවා.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වන භාෂා මධ්‍යස්ථානවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම ද ඉතාමත් හොදින් වර්ධනය කර ගත හැකි බවයි දැක්වෙන්නේ.

මෙල්බන් නගරය තුළ පවතින බහු සංස්කෘතික පසුබිම ද ජාත්‍යන්තර සිසුන් ව්ක්ටෝරියා ප්‍රාන්තය වෙත ආකර්ෂණය කර ගැනීම සදහා ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබෙන බවද වැඩිදුරටත් සදහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »