Search

ලබන මාසයේ ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාතවල පහළ යෑමක්?

ඔස්ට්‍රේලියානු ණය හිමියන්ට පෙබරවාරි මාසය මුලදී පොලී අනුපාත (Interest Rate) අඩු කිරීමකට මුහුණ දීමට සිදු වන බවට අපේක්ෂා කෙරෙනවා.

එය සිදු වන්නේ ඇතැම් කොන්දේසි සපුරා ඇත්නම් පමණක් වීම ද විශේෂත්වයක්.

Castor හි Data Insights අධ්‍යක්ෂක සැලී ටින්ඩාල් විසින් පෙන්වා දී ඇත්තේ ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව විසින් (RBA) එළඹෙන බ්‍රහස්පතින්දා නිකුත් වීමට නියමිත ශ්‍රම බලකා දත්ත වාර්තාව සහ ඉදිරි සති දෙක තුළ නිකුත් වීමට නියමිත කාර්තුමය පාර්භෝගික මිල දර්ශක දත්ත කෙරෙහි දැඩි අවධානයකින් පසු වන බවයි.

මධ්‍යන්‍ය උද්ධමනය සංචිත බැංකුවේ ඉල්ලක්කගත සීමාවට පැමිණ ඇත්නම් හෝ සේවා උද්ධමනයේ පැහැදිලි වෙනසක් සිදු වී ඇත්නම් සංචිත බැංකුව විසින් පෙබරවාරි මාසයේ මුල් කාල සීමවේ දී පොලී අනුපාත අඩු කළ හැකි බවටයි ඇය විසින් පුරෝකතනය කර ඇත්තේ.

මෙලෙස පොලී අනුපාත වෙනස් වුවහොත් බැංකු ක්ෂේත්‍රය තුළ ද එම වෙනස්කම් ඉක්මනින් ක්‍රියාත්මක විය හැකියි.

මෙවැනි පසුබිමක් තුළ ඉහළ පොලී අනුපාතවලින් පීඩාවට පත් වී සිටින ණය හිමියන්ට මෙම වසර අස්වැසිල්ලක් වනු ඇති බව ද වැඩිදුරටත් සදහන්.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »