
ඔස්ට්‍රේලියානුවන්ට මාර්ගගත වීසා වංචාවලින් ප්‍රවේශම් වීම සදහා විශේෂ උපදෙස් මාලාවක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සංක්‍රමණිකයින්ට පමණක් නොව ඔස්ට්‍රේලියානුවන්ටද රජයේ නිල විසා ක්‍රමවේදයන්ට පමණක් අනුගත වන ලෙසටයි බලධාරීන් විසින් උපදෙස් ලබා දී ඇත්තේ.
ඒ සදහා ඔස්ට්‍රේලියානු රජයේ නිල Electronic Travel Authority එනම් AustraliaETA app පමණක් භාවිත කර තොරතුරු ලබා ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.

AustraliaETA යෙදුම ඕනෑම apple හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් ඔස්සේ download කරගැනීමේ හැකියාව පවතිනවා.
එම යෙදුම හරහා පහසුවෙන් හා කඩිනම්න් විසා ලබා ගැනීමේ ක්‍රමවේදයට අනුගත විය හැකි අතර වීසා වංචාවන් හේතුවෙන් සිදුවන මුල්‍ය වංචා අවම කිරීමට ද මේ හරහා අවකාශය උදා වන බවයි දැක්වෙන්නේ.

මෙහිදී තම අනන්‍යතාවය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතු නොවන අතර පෞද්ගලික දත්ත හුවමාරුවීමක් ද මෙමගින් සිදු නොවන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත්තේ.