Search

සිඩ්නි හි ජනප්‍රිය වෙරළතීර 9ක් සංචාරකයින් වසා දැමේ

සිඩ්නි හි වෙරළ තීර නවයක් අඟහරුවාදා සංචාරකයින් සඳහා වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ වෙරළට ගසාගෙන ආ කුඩා සුදු සහ අළු පැහැති ගෝලාකාර සුන්බුන් ද්‍රව්‍යක් හේතුවෙන්.

ඔස්ට්‍රේලියානු උතුරු වෙරළ කවුන්සිලය පවසා ඇත්තේ එය ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

මෙම ගෝල හැඩැති සුන්බුන් සාම්පල බොහොමයක් කුඩා ජිල්බෝල ප්‍රමාණයෙන් යුක්ත ඒවාවන අතර සමහරක් ඊට විශාල බව සඳහන්.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ඔස්ට්‍රේලියාවේ බොන්ඩි ඇතුළු වෙරළ තීර අටක් දින කිහිපයක් වසා දමන ලද්දේ කළු පැහැති විශාල ගෝලාකාර ද්‍රව්‍යක් වෙරළට ගොඩ ගැසීම හේතුවෙන්.


ඉන් පසුව දින ගණනක් පුරා දැවැන්ත පිරිසිදු කිරීමක් නියම කෙරුණා.

පසුව කළ පරීක්ෂණවලින් පෙනී ගියේ එම ගෝල අපද්‍රව්‍ය කාන්දුවක ප්‍රතිඵලයක් විය හැකි බවයි.

කෙසේ වෙතත් මෙලෙස ඔස්ට්‍රේලියානු වෙරළ 09 ක් වසා දැමීමට සිදුව ඇත්තේ ගිම්හාන නිවාඩු සමයේ උච්චතම අවස්ථාවේදී වීම විශේෂත්වයක්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »