
එක්සත් ජනපදයේ ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Wendy’s හි පළමු වෙළඳසැල හෙට ඔස්ට්‍රේලියාවේ විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 2034 වන විට Wendy’s වෙළෙඳසැල් 200 ක් විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Wendy’s විසින් ඔස්ට්‍රේලියාවේ නව වෙළදසැල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් 2023 වසරේ දී ගිවිසුමක් අත්සන් කර තිබුණා.

ඒ අනුව පළමු වෙළද සැල Gold Coast හි Cavil Avenue හි විවෘත වනු ඇති.
මෙහි ආහාර මෙනූ සදහා ඔස්ට්‍රේලියානු හරක්මස් සහ කුකුල්මස් භාවිත කරන බවයි දැනුම් දී ඇත්තේ.

Wendy’s සිය පළමු ඔස්ට්‍රේලියානු වෙළඳසැල 1982 දී මෙල්බන් හි විවෘත කළ අතර එම වෙළදසැල් අලාභ ලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවන් ඉවත් කරගෙන තිබුණා.
එලෙස ඉවත් කිරීමට පෙර Wendy’s හි ශාඛා 11 ක් පමණ ඔස්ට්‍රේලියාවේ පැවතියා.