
සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ රාත්‍රීයේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වී තිබෙනවා.
ඒ, එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ බීජීං ගුවන්තොටුපොළ වෙත ළඟා වු ජනාධිපතිවරයාව චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් විසින් පිළිගනු ලැබු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා, ඊයේ (13) රාත්‍රීයේ මෙලෙස ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේ චීනයේ සිව් දින සංචාරයකටයි.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (14) සිට ලබන 17 වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වනු ඇති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයේදී, චීන ජනපති ෂී ජින් පිංගේ (Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) යන රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතයි.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහත්වරුන්ද මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.