
පසුගිය වසර 05 ක කාලසීමාව තුළ වික්ටෝරියා ප්‍රාන්ත පොලිසියේ සේවය කරන නිලධාරීන් පිරිසකට ලිංගික අපරාධ සහ පවුල් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව ප්‍රාන්ත පොලීසිය විසින් චෝදනා එල්ල වූ නිලධාරීන් 683 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සංඛ්‍යා ලේඛන දත්ත ඔස්සේ පෙන්වා දී ඇත්තේ 2019 ජනවාරි 01 වනදා සිට 2024 ජූනි 30 දක්වා කාල සීමාව තුළ ස්ත්‍රී දූෂණ, ළමා ලිංගික අපරාධ, ලිංගික හිංසනය, පවුල් ප්‍රචණ්ඩත්වය, කොල්ලකෑම් ආදි අපරාධ රැසකට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර තිබෙන බවයි.

මේ අතර පසුගිය වසර 05 ක කාල සීමාව තුළ වැඩිම විමර්ශනයන් ප්‍රමාණයක් සිදු කර ඇත්තේ ලිංගික අපරාධ සම්බන්ධයෙන් වන අතර එම ප්‍රමාණය 185 ක් බවයි දැක්වෙන්නේ.
මෙම පොලිස් නිලධාරීන් රාජකාරී කටයුතුවල නිරත වන අවස්ථාවල දී සහ රාජකාරී කටයුතුවලින් බැහැරව සිටින අවස්ථාවල දී මෙම අපරාධ ක්‍රියාකාරකම් සදහා සම්බන්ධ වී තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය විසින් ද මෙම සංඛ්‍යා ලේඛන දත්ත නිවැරදි බවට තහවුරු කර තිබෙනවා.
ප්‍රාන්ත පොලිස් දෙපාර්තුමේන්තුවේ සේවය කරන නිලධාරීන් 22,000 න් අති බහුතරයක් නිවැරදි දේ සිදු කරන බවයි බලධාරීන්ගේ අදහස වී ඇත්තේ.