
වික්ටෝරියා ප්‍රාන්තයේ කඳු බෑවුමක පිහිටි නිවසක් නායයෑමට ලක්වීමෙන් එක් පුද්ගලයෙක් රෝහල් ගත කර තිබෙනවා.
මෙම අනතුර අද පෙරවරු 8.45 ට පමණ සිදුව ඇති අතර නායයාමකින් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
කඳු බෑවුමේ පිහිටි නිවස මෙලෙස නායයෑමට ලක්ව පහතට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

McCrae හි Penny Lane හි කදු බෑවුමක පිහිටි නිවසක් මෙලෙස නායයෑමට ලක්ව තිබුණා.
අනතුර සැලවූ වහාම සහන සේවා අංශ එම ස්ථානයට පැමිණ ඇති අතර පරිපූරක වෛද්‍යවරුන් එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකුට ප්‍රතිකාර කළ අතර පසුව තුවාල ලැබූ පුද්ගලයා ෆ්‍රෑන්ක්ස්ටන් රෝහලට ගෙන ගොස් තිබෙනවා.
