Search

ඔස්ට්‍රේලියාවේ කෝපී ඉල්ලුමට සරිලන සැපයුම ගැන ගැටලුවක්

ගෝලීය මිල ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියාවේ කෝපි වගාකරුවන්ට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

සැපයුම් ගැටළු හේතුවෙන් ගෝලීය කෝපි මිල අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු කෝපි කර්මාන්තය ප්‍රසාරණය වෙමින් පවතින නමුත් නිෂ්පාදනය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට වසර ගණනාවක් ගතවනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

තවද ඔස්ට්‍රේලියානුවන් කෝපි වලට වඩාත් ප්‍රිය කරන ජාතියක් වන නමුත් රට පුරා පරිභෝජනය කරන කෝපි වලින් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් මෙහි වගා කිරීමද විශේෂත්වයක්.

බ්‍රසීලය සහ වියට්නාමය වැනි ප්‍රධාන කෝපි නිෂ්පාදනය කරන රටවල පසුගිය වසරේ ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් කෝපි  මිල ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කෝපි ප්‍රමිතිය, විශේෂත්වය සහ සදාචාරාත්මක නිෂ්පාදන අගයන් මත තරඟ කරන බවයි වාර්තා වන්නේ.

දැනට ඔස්ට්‍රේලියාවේ සාර්ථක ලෙස කෝපි වගාව සිදු කරනු ලබන්නේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ වන අතර දේශීය කෝපි ගොවීන් දිරිගැන්වීම සදහා කටයුතු කල යුතු බවයි කෝපී වගාකරුවන් රජයෙන් ඉල්ලීමක් කරන්නේ.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »