Search

හෙට සිට යළිත් ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක කාළගුණය වෙනස් වෙයි

ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වලට ඉදිරි සතිය වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකතනය කර තිබෙනවා.

හෙට සිඩ්නි නගරයට සුළං සහිත කාළගුණික තත්වයක් අපේක්ෂා කරන අතර එම තත්වය ලබන සඳුදා දක්වා ඇති විය හැකි බවයි පුරෝකථනය කර ඇත්තේ.

තවද හෙට සහ අනිද්දා දිනයන් හි මෙල්බන් සහ බ්‍රිස්බන් හි වැසි සහිත කාළගුණයක් අපේක්ෂා කරන බව ද සදහන්.

ගෝල්ඩ් කෝස්ට් සහ ටස්මේනියාවේ සමහර ප්‍රදේශවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන අතර සති අන්තයේ එම තත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි සදහන් කර තිබෙනවා

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »