Search

ඔස්ට්‍රේලියා නිවාස ණය හිමියන් වැඩි දෙනෙක් කරන වැරැද්දක් හෙළිවෙයි

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන්ගෙන් වැඩි පිරිසක් තම නිවාස ණය වාරික කාලය දීර්ඝ කර ගැනීම සඳහා ක්‍රියා කරන බව නවතම අධ්‍යනයක දී තහවුරු වී තිබෙනවා.

Finder විසින් සිදුකළ අධ්‍යනය සඳහා 1000කට වැඩි පිරිසක් ප්‍රතිචාර දක්වා ඇති අතර ඔවුන්ගෙන් සියයට 13ක් සඳහන් කර ඇත්තේ පසුගිය මාස 12 තුළ තම නිවාස ණය දීර්ඝ කර ගැනීමට කටයුතු කළ බවයි.

මෙයින් පෙනී යන්නේ තවත් වසරක් ණය හිමියන් තවදුරටත් ණය වාරික සංඛ්‍යාවක් වැඩි කර ගන්නා බවයි.

සමීක්ෂණ දත්ත සමස්ථ ඔස්ට්‍රේලියානුවන් හා සැසඳීමේ දී ඔස්ට්‍රේලියානු උකස් හිමියන්ගෙන් 429000ක් පමණ තම ණය වාරික දීර්ඝ කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2022 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා උකස් ණය හිමියන් ණය වාරික දීර්ඝ කර ගැනීම හේතුවෙන් වසරකට ඩොලර් 21000ක් පමණ අතමතර ගෙවීම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

උකස් හිමියන්ගෙන් සියයට හතක් ඔවුන්ගේ ණය කාලය වසර පහකට අඩු කාලයකින් දීර්ඝ කර ඇති බව ෆයින්ඩර්ගේ පර්යේෂණයෙන් සොයාගෙන ඇත්තේ.

ණය දීර්ඝ කිරීමේ අරමුණ තම ජීවන වියදම් අර්බුධය පාලනය කර ගැනීමට උපකාරි වන බවයි උකස් හිමියන් පවසන්නේ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »