Search

Australia Day සැමරීම ගැන ඔස්ට්‍රේලියානුවන්ගේ කැමැත්ත ඉහළට

ඔස්ට්‍රේලියා දිනය (Australia Day) සැමරිය යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවල ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.

මහජන කටයුතු ආයතනය (IPA) විසින් මේ සම්බන්ධව සිදු කළ ජන මත විමසුමක ප්‍රතිඵල ඔස්සේ මේ පිළිබදව අනාවරණය වී තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව සමීක්ෂණය සදහා සහභාගී වූ ඔස්ට්‍රේලියානුවන්ගෙන් 69% දෙනෙකු ජනවාරි 26 වනදා ඔස්ට්‍රේලියා දිනය සැමරිය යුතු බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් ඉන් 14% දෙනෙකු ඊට සිය අකමැත්ත පළ කර තිබෙන බවයි දැක්වෙන්නේ.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර 9% ක් ඔස්ට්‍රේලියා දිනය සැමරිය යුතු බවට ප්‍රකාශ කර තිබෙන බව ද සදහන්.

මෙවැනි පසුබිමක් තුළ අවුරුදු 65 ට වැඩි පුරවැසියන්ගෙන් 86% ක් පමණ ඒ සදහා කැමැත්ත පළ කර තිබෙනවා.

මීට අමතරව අවුරුදු 45 ත් 54 ත් අතර පුද්ගලයන්ගෙන් 73% කගේ අදහස වී ඇත්තේ ජනවාරි 26 වනදා ඔස්ට්‍රේලියා දිනය සැමරිය යුතු බවයි.

සමස්තයක් ලෙස ගත් කළ මෙම සමීක්ෂණය සදහා දායකත්වය ලබාදුන් සෙසු වයස් කාණ්ඩවල ඔස්ට්‍රේලියානුවන්ගෙන් 50% ට වඩා සැමරුම් සදහා කැමැත්ත පළ කර තිබෙන බවයි එහි වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »