
ඉදිරි දිනවල දී මෙල්බන් වැසියන්ට නොමිලේ සහභාගී විය හැකි සැණකෙලි පිළිබදව දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
මේ පිළිබදව තොරතුරු වාර්තා කර ඇත්තේ Melbourne.Victoria වෙබ් අඩවිය විසින් වීම ද විශේෂත්වයක්.
ඒ අනුව ජනවාරි 19 වනදා මෙල්බන් හි දී ආරම්භ වන Midsumma සැණකෙළිය සදහා ද ඔවුන්ට නොමිලයේ සහභාගී විය හැකි බවයි දැක්වෙන්නේ.

මේ අතර පෙබරවාරි 01 වනදා සිට පෙබරවාරි 28 වනදා දක්වා පැවැත්වෙන National Sustainability Festival සදහා ද මෙල්බන් වැසියන්ට නොමිලයේ සහභාගී වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
එමෙන්ම පෙබරවාරි 02 වනදා පැවැත්වීමට නියමිත Melbourne Chinese Lunar New Year Festival සහ පෙබරවාරි 09 වනදා Fed Square හීදී පැවැත්වෙන Luna New Year සැණකෙළිය ද එම උත්සව අතර වන බවයි පැවසෙන්නේ.

මීට අමතරව පෙබරවාරි 15 වනදා පැවැත්වෙන Afro – Caribbean Carnival සදහා ද මාර්තු 15 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන Nepal Festival සදහා ද මෙල්බන් වැසියන්ට නොමිලයේ සහභාගී විය හැකි බව ද වැඩිදුරටත් සදහන්.