Search

වික්ටෝරියානුවන්ගේ Bulk Billing වෛද්‍ය ගාස්තු ගැන අලුත්ම අනාවරණයක්

ඔස්ට්‍රේලියානුවන්ට Bulk Billing ක්‍රමවේදය හරහා සිය වෛද්‍ය ගාස්තු ගෙවීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙනවා.

මේ හේතුව මත ඔවුන්ට වෛද්‍යවරයෙකු හමු වීම සදහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

Cleanbill විසින් නිකුත් කරන ලද 2025 Blue Report හරහා මේ සම්බන්ධව කරුණු රැසක් අනාවරණය වී තිබීම ද විශේෂත්වයක්.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තය තුළ පසුගිය වසරේ දී Bulk Billing අනුපාතය සටහන් වී තිබුණේ 24.8% ක් ලෙසයි.

කෙසේ වෙතත් 2025 වසරේ දී එම අගය 19.1% ක් දක්වා අඩු වී තිබෙනවා.

2024 වසරට අදාළව වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට එක් වරක දී වෛද්‍යවරයෙකු හමුවීම සදහා වැය වන Avarage Out of Pocket Cost අගය සටහන් වී තිබුණේ ඩොලර් 41.19 ක් ලෙසයි.

නමුත් මෙම වසරේ දී එම අගය ඩොලර් 42 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි මේ හරහා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »