
මෙම වසරේ ජනවාරී මාසයේ සිට ඔස්ට්‍රේලියානුවන්ට සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහ ලෝක කිහිපයක් පැහැදිලිව දර්ශනය වීම සිදු වනවා.
“Planet Parade” නම් මෙම දුර්ලභ අවස්ථාව ඉදිරි මාස තුනක කාලසීමාවේදී ඔස්ට්‍රේලියානුවන්ට දැක බලා ගැනීමට අවස්ථාව උදා වන බවයි පැවසෙන්නේ.
Swinburne අභ්‍යවකාශ තාක්ෂණ සහ කර්මාන්ත ආයතනයේ සම අධ්‍යක්ෂක ආචාර්ය රෙබෙකා ඇලන් විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම කාලසීමාවේ දී ඔස්ට්‍රේලියානුවන්ට අඟහරු, සිකුරු, සෙනසුරු සහ බ්‍රහස්පති යන ග්‍රහ ලෝක පියවි ඇසින් දැක බලා ගැනීමට අවකාශය හිමි වන බවයි.

මීට අමතරව ජනවාරි මාසයේ දී පමණක් ඔස්ට්‍රේලියානුවන් ට දුරේක්ෂයක් ආධාරයෙන් යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහ ලෝක ද දැකගත හැකි බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
සාමාන්‍යයෙන් “Planet Parade” අවස්ථාවක් වාර්ෂිකව සිදු වුවද ග්‍රහලෝක හයක් හෝ හතක් මෙලෙස දර්ශනය වීම දුර්ලභ සිදුවීමක් වීම ද විශේෂත්වයක්.

නාගරික ජීවිතයෙන් මදක් බැහැර වී පැහැදිලි අහසක් සහිත ප්‍රදේශක දී ඔස්ට්‍රේලියානුවන්ට මෙම දර්ශනය දැක බලා ගැනීමට අවකාශය හිමි වන බව ද වැඩිදුරටත් සදහන්.