
වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් සේවය තුළ පවතින වැටුප් විෂමතා ගැටළුව මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
ඒ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් තම ගැටළු සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත පොලීසියේ ප්‍රධාන කොමසාරිස් ශේන් පැටන් වෙත Emali පණිවිඩයක් හරහා දැනුම් දීමත් සමඟයි.
එය ප්‍රාන්ත පොලිස් බලකායේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 16,000 ටම පිටපත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම Email පණිවිඩය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබීම ද විශේෂත්වයක්.
දීර්ඝ කාලයක් තිස්සේ පවතින වැටුප් විෂමතවයට නිසි විසදුමක් තවමත් ලැබී නොමැති බවටයි නිලධාරීන් විසින් චෝදනා කරන්නේ.

මෙවැනි පසුබිමක් තුළ ඇතැම් පොලිස් නිලධාරීන් ප්‍රධාන කොමසාරිස්වරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වනවා.
අදාළ Email පණිවිඩයට වික්ටෝරියා පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් ප්‍රතිචාර ලැබී තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.