
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.
සාපේක්ෂ වශයෙන් සුළං තත්ත්වය පාලනය වූ සති අන්තයකින් පසු, ඉරිදා රාත්‍රියේ සිට බදාදා දක්වා සුළං තත්ත්වය නැවත ඉහළ යනු ඇති බවත්, එය පැයට කිලෝමීටර 96දක්වා වේගයක් ලබා ගනු ඇති බවටයි නිලධාරීන් අනතුරු අඟවන්නේ.
කැලිෆෝනියාවේ ප්‍රතිවිරුද්ධ කෙළවරේ මාරාන්තික පැලිසේඩ්ස් සහ ඊටන් ගින්න නිවා දැමීම සඳහා දේශීය ගිනි නිවන භටයින්ට තවත් ප්‍රාන්ත අටක කාර්ය මණ්ඩලය මෙන්ම කැනඩාව සහ මෙක්සිකෝව ද අඛණ්ඩව සහායවන බව සඳහන්.

ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත වෛද්‍ය පරීක්ෂකවරයා ලැව් ගිනි නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 24 දක්වා යාවත්කාලීන කර තිබෙනවා
තවත් 16 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි නිලධාරීන් පවසන්නේ.
