Search

නව වසරේ දී මිලදී ගත් පළමු සහ එකම ටිකට් පතට $ මිලියන 2.15 ක ජයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට නැවතත් ඩොලර් මිලියන 2.15 ක ලොතරැයි ජයග්‍රහණයක් හිමි ව තිබෙනවා.

මෙම ත්‍යාග මුදල ජයග්‍රහණය කර ඇත්තේ Ipswich හි Springfield ප්‍රදේශයේ ජීවත් වන කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව වසරකට එක් ටිකට් පතක් පමණක් මිළදී ගැනීමට පුරුදු වී සිටීම ද විශේෂත්වයක්.

තමා ලොතරැයි ජයග්‍රාහයෙකු බව ඇය දැන ගෙන ඇත්තේ සතියකට පසුව බවයි දැක්වෙන්නේ.

මෙම මුදලින් වැඩි ප්‍රමාණයක් බිල්පත් ගෙවීම් කටයුතු සදහා යොදාගන්නා බවයි මෙම කාන්තාව විසින් ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය සෙනසුරාදා දින පැවති Gold Lotto දිනුම් ඇදීමෙන් වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වෙත ද පළමු කොටසේ ජයග්‍රහණ 06 ක් හිමිවී තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »