Search

ICC ශූරයන්ගේ කුසලානයට යන ඔස්ට්‍රේලියා සංචිතය නම් කෙරේ

ICC Men’s Champion’s Trophy තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු සංචිතය අද (13) නම් කර තිබෙනවා.

ඒ සදහා ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුලත්.

මෙවර ශූරයන්ගේ කුසලානයේ දී ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ නායක පැට් කමින්ස් ට වීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් ICC නීති රෙගුලාසි යටතේ ඇතැම් ක්‍රීඩකයන්ගේ ආබාධ තත්වයන් සැලකිල්ලට ගෙන තරගාවලිය ආරම්භ වීමට පෙර සංචිතයේ වෙනස්කම් සිදු කිරීමට හැකියාව පවතින බව ද සදහන්.

තරගාවලිය පෙබවාරි 19 වන දා පාකිස්තානයේ දී ආරම්භ වීමට නියමිතයි.

නමුත් මෙවර තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම සහභාගී වන තරග පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියා කණ්ඩායම තරගාවලියේ දී B කාණ්ඩය නියෝජනය කරන බවයි දැක්වෙන්නේ.

ඒ යටතේ ඔස්ට්‍රේලියාව මුහුණ දෙන පළමු තරගය පෙබරවාරි 22 වනදා එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

 

තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියා සංචිතය

Pat Cummins (c), Alex Carey, Nathan Ellis, Aaron Hardie, Josh Hazlewood, Travis Head, Josh Inglis, Marnus Labuschagne, Mitchell Marsh, Glenn Maxwell, Matt Short, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Adam Zampa