
වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සඳහන් කළේ රජය සතු ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයට ඩොලර් බිලියන 3ක් එක් කිරීමට සුදානම් බවයි.
Fibre- to-node ජාලය වැඩිදියුණු කිරීම සහ රට පුරා අමතර ෆයිබර් ප්‍රවේශ සම්බන්ධතා 622, 000 ක් ලබා දීමටත් මේ යටතේ පියවර ගෙන තිබෙනවා.

සන්නිවේදන අමාත්‍ය මිචෙල් රෝලන්ඩ් පැවසුවේ මෙම යාවත්කාලීන කිරීම් 2030 වන විට සම්පූර්ණ කිරීමට නියමිත බවයි.
දැනට පවතින යල් පැනගිය සබඳතා ඉවත් කර වැඩිදියුණු අන්තර්ජාල පද්ධතියක් ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදි සඳහන් කළා.

තවද අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කියා සිටියේ අන්තර්ජාලය පද්ධතිය වෙත විශාල ආයෝජනයක්
මෙන්ම ප්‍රතිපාදන ලබා දීමට සුදානම් බවයි.
ඔස්ට්‍රේලියානුවන් වෙන කවරදාටත් වඩා දත්ත පරිභෝජනය කරමින් සිටින බවත් තදාසන්න ප්‍රදේශ සහ නගර 2400 ක පමණ මෙම සේවා මෙම වසරේ පුලුල් කරන බවයි වාර්තා වන්නේ.
දිනපතා ඔස්ට්‍රේලියානුවන් බිලියන 20ක් අන්තර්ජාලය භාවිතා කරන අතර, ශක්තිමත් සහ විශ්වාසනීය සේවාවක් ලබා දීම මෙහි අරමුණයි.