Search

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සති දෙකක් පුරා පැවැත්වෙන මෙම ක්‍රීඩා ඉසව් නැඹීමට බොහෝ දෙනා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඊයේ මෙල්බන් හි ප්‍රවාහන සේවා පුලුල් වනු ඇති.

මෙල්බන් පාර්ක් වෙත එන ක්‍රීඩා ලෝලීන්ට ට්‍රෑම් රථ ජාලයේ නව සේවා 4500ක් පමණ ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලියේ කාර්යබහුලම කාලසීමාව තුල සෑම මිනිත්තු දෙක තුනකට වරක් ට්‍රෑම් රථ ධාවනය වන අතර තරගාවලි ප්‍රවේශපත්‍ර හිමියන්ට සහ කාර්ය මණ්ඩලයට එම සේවා නොමිලේ හිමිවන බව සදහන්.

මාර්ග 70ක් තුළ මෙම සේවා ක්‍රියාත්මක වන අතර අමතර ට්‍රෑම් රථ ද ෆෙඩරල් චතුරස්‍රයේ සිට අලුයම 2 දක්වා ධාවනය වන බවද දන්වා තිබෙනවා.

2024 වසරේ තරගාවලිය නැරඹීම සදහා පැමිණි වාර්තාගත ප්‍රේක්ෂකයින් දස ලක්ෂ විසිදහස් හත්සිය හැට තුන් දෙනෙකු සදහා අවශ්‍ය සියලු ප්‍රවාහන පහසුකම් සැපයිමට වික්ටෝරියා ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබුණා.

මෙවරද එම සේවා ක්‍රීඩා ලෝලීන්ගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වනු ඇති.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »