
නොදන් ටෙරිටරි හි සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගුවන් නියමුවෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඊයේ පෙරවරු 10.20 ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.
ඩාර්වින් සිට කිලෝමීටර් 67 ක් නිරිත දෙසින් පිහිටි තෙත් බිමක් වන ෆොග් ඩෑම් ප්‍රදේශයට මෙම යානය කඩා වැටී

ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වගුරු බිමෙහි කිඹුළන් වැඩි වශයෙන් ගැවසෙන කලාපයක් ලෙසද නම් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී සැහැල්ලු ගුවන් යානයේ පුද්ගලයින් දෙදෙනෙක් පමණක් සිටි අතර අනතුරින් 29 හැවිරිදි තරුණියක් දිවි බේරා ගැනීමට සමත්ව තිබුණා.
තවද අනතුර සිදුවූ ස්ථානයට හදිසි සේවා කැඳවා ඇති අතර, නොදන් ටෙරිටරි හි පොලිස් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ අංශය ද CareFlight හෙලිකොප්ටරයක් එම ස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ගුවන් නියමුවා යානය තුළ මියගොස් සිටියදී සොයා ගෙන ඇති අතර CareFlight කණ්ඩායම් විසින් අනතුරට පත් කාන්තාව බේරා ගෙන රෝහල වෙත යොමුකර තිබුණා.