Search

ඔස්ට්‍රේලියානුවන්ගේ මූල්‍ය උපදේශන මාධ්‍යයෙහි වෙනසක්

සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු මූල්‍ය උපදෙස් සඳහා සමාජ මාධ්‍ය වෙත යොමු වන බවට නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

කම්පෙයා ක්ලබ්හි (Compare Club) නව පර්යේෂණයකට අනුව හෙළිවී ඇත්තේ වයස අවුරුදු 18ත් 24ත් අතර තරුණයන්ගෙන් අයගෙන් අඩක් පමණ සහ වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 10ක් මූල්‍ය උපකාර සඳහා YouTube, Facebook සහ TikTok වැනි සමාජ මාධ්‍ය භාවිතා කරන බවයි.

මෙවැනි සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී මූල්‍ය උපදේශකයන් තරුණයින් සමඟ කටයුතු කිරීමේදී වංචා සිදුවිය හැකි බවයි විශේෂඥයන් අනතුරු අඟවන්නේ.

ඔස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය වැනි විශ්වාස කළ නොහැකි මූලාශ්‍රවලින් මූල්‍ය උපදෙස් ලබා ගනිමින් සිටින බව මූල්‍ය සේවා කවුන්සිලයේ ප්‍රධාන විධායක බ්ලේක් බ්‍රිග්ස් සඳහන් කළා.

සමාජ මාධ්‍යවල ඔස්සේ පිළිගත හැකි හොඳ උපදෙස් සපයන්නේ කවුරුන්ද සහ එලෙස නොකරන්නේ කවුරුන්ද යන්න පැහැදිළිව කිව නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නිත්‍යානුකුල මූල්‍ය ආධාර සේවාවල ගාස්තු අධික වීම හේතුවෙන් මිනිසුන් සමාජ මාධ්‍ය උපදේශන වෙත යොමු වන බව බ්ලේක් බ්‍රිග්ස් කියාසිටියා.

මූල්‍ය උපදේශකයෙකු හෝ ගණකාධිකාරීවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් ඩොලර් 3500 සිට 7000 දක්වා මුදලක් වැය වනවා.

පිතිකරුවෙකු ලෙස සිය අවසන් ටෙස්ට් ඉනිම දියත් කළ දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා අවසන් ටෙස්ට් ඉනිම මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

Read More »

ආයුධ සන්නද්ධව මෙල්බන්හි කොල්ලකෑම්වල නිරත වූ තවත් අයෙකු අත්අඩංගුවට

මෙල්බන් හි ආයුධ සන්නද්ධව මංකොල්ලකෑම්වල නිරත වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ෆෙඩරල් අපරාධ විමර්ශන අංශයට හැකිවී තිබෙනවා.

Read More »