Search

ලිබරල් සන්ධානය ෆෙඩරල් මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙල්බන් නුවරින් අරඹයි

ඉදිරි ෆෙඩරල් මැතිවරණය ඉලක්ක කර ගනිමින් විපක්ෂ ලිබරල් සන්ධානය සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

විපක්ෂ නායක පීටර් ඩට්න් ඊයේ (12) මෙල්බන් නුවරින් සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙන බවයි දැක්වෙන්නේ.

දැනට සිදු කර ඇති පූර්ව මත සමීක්ෂණ ප්‍රතිඵල රැසකින්ම පෙන්නුම් කර ඇත්තේ මෙවර මැතිවරණයට අදාළව ලිබරල් සන්ධානය මේ වනවිට ඉදිරියෙන් පසුවන බවයි.

මෙවැනි පසුබිමක් තුළ ඉදිරි මැතිවරණය සදහා විපක්ෂ ලිබරල් සන්ධානය විසින් තෝරා ගෙන ඇති තේමා පාඨය වන්නේ “Back on Track” යන්නයි.

එය නවසීලන්තයේ වත්මන් පාලක නැෂනල් පක්ෂය විසින් මැතිවරණ ජයග්‍රහණය සදහා යොදාගත් තේමා පාඨය වීම ද විශේෂත්වයක්.

මෙවර විපක්ෂ ලිබරල් සන්ධානය විසින් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල දී න්‍යෂ්ඨික බලාගාර, සංක්‍රමණ ප්‍රතිසංස්කරණ, සුළු ව්‍යාපාර නගා සිටුවීම සහ නිවාස අර්බුදය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ මීලඟ ෆෙඩරල් මැතිවරණය මෙම වසරේ මැයි මස මැද භාගය වන විට පැවැත්විය යුතු වනවා.

කෙසේ වෙතත් එය ඊට පෙර පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන විචාරකයින්ගේ අදහස වී ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »