Search

AUD හි පහළ යෑම කම්කරු පක්ෂයට වාසියක් වෙන්නේ මෙහෙමයි

ෆෙඩරල් රජයේ බදු ආදායම සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයන්ගේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

ඒ අනුව ආර්ථික විශේෂඥයින් අනුමාන කරන්නේ ෆෙඩරල් රජය අඛණ්ඩව තුන්වන වරටත් අයවැය අතිරික්තයක් සදහා ගමන් කරනු ඇති බවටයි.

ඔස්ට්‍රේලියා රැකියා වෙළදපොළ තුළ පවතින ශක්තිමත් භාවය සහ මුදල් ඒකකයේ අගය දුර්වල වීම මේ සදහා බලපා තිබෙන බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරය වෙත ඩොලර් බිලියන 14.5 ක අමතර ප්‍රතිලාභයක් ලැබී තිබෙන බවටයි අනුමාන කෙරෙන්නේ.

කෙසේ වෙතත් ක්‍රියාවලිය කම්කරු පක්ෂය විසින් ඔවුන්ගේ මූල්‍ය පාලනය කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීම උදෙසා යොදා ගනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණයේ දී ඔවුන්ට වාසි දායක වනු ඇති බව ද වැඩිදුරටත් සදහන්.

HELP / HECS ණය ඇති සිසුන්ටත් පහසුවෙන් නිවසක් ගන්න අවස්ථාවක්

ශිෂ්‍ය ණය (Student Loan Debt) ගෙවීමට ඇති සිසුන්ට නිවසක් මිලදී ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් නව ප්‍රතිපත්ති හදුන්වා දීමට ෆෙඩරල් රජය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »