Search

වික්ටෝරියා පොලිස් නිලධාරීන්ට ප්‍රාන්තය එපා වෙයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය විසින් වෙනත් ප්‍රාන්තවලින් පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ප්‍රාන්ත පොලිසිය තුළ පවතින නිලධාරීන්ගේ හිඟයට පිළියමක් ලෙස බවයි සැලකෙන්නේ.

ඒ අනුව ඩොලර් 20,000 ක උපරිමයකට යටත් වන ප්‍රසාද දීමනා සහ තවත් දිරි දීමනා ඔවුන්ට ලබා ගත හැකියි.

ප්‍රාන්ත පොලිස් දත්ත වාර්තාවලට අනුව පෙනී යන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිස් සේවයට ඇතුලත් වීම සදහා කැමැත්තෙන් පසු වන වැඩිම පිරිස වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට සේවය කරන පොලිස් නිලධාරීන් බවයි.

මේ වනවිට නිලධාරී පුරප්පාඩු රාශියක් ප්‍රාන්ත පොලීසිය තුළ පවතින බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

ඒ හේතුවෙන් මෙම බඳවා ගැනීම් වලට අදාළව දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ද ක්වීන්ස්ලන්ඩ් පොලීසිය විසින් කටයුතු යොදා තිබෙනවා.